කොළඹ රථවාහන සැලැස්ම වෙනස් වෙයි !

18 Apr 2026, 4:30 PM | News | Views: 3

Article Image
ඉන්දීය උප ජනාධිපති සී. පී. රාධ ක්‍රිෂ්ණන් මහතාගේ දෙදින නිල සංචාරය නිමිත්තෙන් හෙට (19) සහ අනිද්දා (20) කොළඹ නගරය තුළ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.

ප්‍රභූ රථ පෙළ ගමන් ගන්නා අවස්ථාවන්හිදී මාර්ග කිහිපයක ගමනාගමනය අවස්ථානුකූලව සීමා කෙරෙනු ඇත.

ප්‍රභූ රථ පෙළ ගමන් ගන්නා ප්‍රධාන මාර්ග,

හෙට (19) උදෑසන - කටුනායක ගුවන්තොටුපොළ සිට අධිවේගී මාර්ගය හරහා ඔරුගොඩවත්ත, බොරැල්ල, හෝර්ටන් පෙදෙස, ලිබර්ටි වටරවුම සහ ගාලු පාර ඔස්සේ ටාජ් සමුද්‍රා හෝටලය දක්වා.

ඉන්පසු ටාජ් සමුද්‍රා හෝටලයේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරය සහ කදිරේෂන් කෝවිල දක්වා.

අනිද්දා (20) - ටාජ් සමුද්‍රා හෝටලයේ සිට වරාය හෙළි පථය වෙත ගමන් කර දිවයිනෙන් පිටත්වීමට නියමිතයි.

රථවාහන සීමා කිරීම් හේතුවෙන් ඇතිවිය හැකි තදබදය මගහරවා ගැනීමට පොලිසිය විකල්ප මාර්ග හඳුන්වා දී ඇත.

නුවර පාරෙන් කොළඹට ඇතුළු වන වාහනවලට කැලණි පාලම, වේල්ස් කුමාර මාවත සහ ආමර් වීදිය හරහා පංචිකාවත්ත හෝ මරදාන දෙසට ගමන් කළ හැකිය.

ප්‍රභූ රථ පෙළ ගමන් ගන්නා කාලසීමාවන් තුළ ඇතිවිය හැකි අපහසුතා මගහරවා ගැනීමට කල්වේලා ඇතිව සිය ගමන් සැලසුම් කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.