නාවුලදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටෙයි

26 Apr 2026, 12:40 PM | News | Views: 7

Article Image
දඹුල්ල - මාතලේ ප්‍රධාන මාර්ගයේ නාවුල, නාලන්ද ප්‍රදේශයේදී අද (26) පෙරවරුවේ සිදුවූ දරුණු බස් රථ අනතුරකින් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

අද පෙරවරු 9.20 ට පමණ පෞද්ගලික බස් රථයක් සහ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් තුවාල ලැබූවන් නාලන්ද ප්‍රාදේශීය රෝහලට සහ මාතලේ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමට ප්‍රදේශවාසීන් සහ ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ තුවාල ලැබූවන් අතරින් එක් අයෙකුගේ තත්ත්වය අසාධ්‍ය බවයි.

අනතුර සිදුවන අවස්ථාවේදී කතානායකවරයා මහනුවර සිට කොළඹ බලා ගමන් කරමින් සිට ඇති අතර, මෙම අනතුර දැකීමත් සමඟ වහාම සිය රථ පෙළ නවත්වා සහන සේවා සඳහා එක්වී තිබේ.

බස් රථ තුළ සිරවී සිටි තුවාලකරුවන් මුදා ගැනීමට සහ ඔවුන් කඩිනමින් රෝහල්ගත කිරීමට අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සඳහා කතානායකවරයා සෘජුවම මැදිහත් වීම කැපී පෙනෙන සිදුවීමක් විය.

සිද්ධිය සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ පවත්වන නාවුල පොලීසිය, පෞද්ගලික බස් රථයේ රියදුරු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත.

කෙසේ වෙතත්, අනතුරට සම්බන්ධ ලංගම බස් රථයේ රියදුරු සිද්ධියෙන් පසු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.