ශ්‍රී ලංකන් හිටපු CEO කපිල චන්ද්‍රසේන මියයයි

08 May 2026, 10:29 AM | News | Views: 17

Article Image
ශ්‍රී ලංකන් හිටපු CEO කපිල චන්ද්‍රසේන නිවසේදී මියගොස් සිටියදී හමුවෙයි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී (CEO) කපිල චන්ද්‍රසේන මහතා අද (08) පෙරවරුවේ කොල්ලුපිටිය පිහිටි ඔහුගේ නිවසේදී මියගොස් සිටියදී සොයාගෙන තිබේ.

මියයන විට ඒ මහතා එයාර් බස් ගනුදෙනුවකට අදාළව ඇමරිකානු ඩොලර් මිලියන දෙකක අල්ලසක් ලබාගැනීමේ චෝදනාවට මැදිව සිටි අයෙකි.

කොන්දේසි උල්ලංඝනය කිරීම හේතුවෙන් කපිල චන්ද්‍රසේන මහතාව වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (07) දිනයේදී වරෙන්තු නිකුත් කර තිබුණි.

ඔහු වෙනුවෙන් ඇප තැබීමට ඉදිරිපත් වූ පුද්ගලයන් දෙදෙනා රුපියල් 15,000ක මුදලකට පෙනී සිටි "කුලී ඇපකරුවන්" බවත්, ඔවුන් සැකකරු හඳුනන්නේවත් නොමැති බවත් ඊයේ අධිකරණයේදී අනාවරණය විය. ඒ අනුව එම ඇපකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද නියෝග කෙරිණි.

2013 වසරේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා එයාර් බස් යානා 14ක් මිලදී ගැනීමේදී සිදු වූ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ඔහුට සහ ඔහුගේ බිරිඳට එරෙහිව අල්ලස් කොමිසම නඩු පවරා තිබුණි. මෙම අල්ලස් මුදල් ඕස්ට්‍රේලියාවේ බැංකු ගිණුමකට බැර වූ බව ජාත්‍යන්තර පරීක්ෂණවලදී ද තහවුරු වී තිබූ කරුණකි.

පොලිසිය මේ වන විට මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.