චීනයේ නිවුන් උළෙලේ හොඳම නර්තනය ශ්‍රී ලංකාවෙන් ! ජයග්‍රාහකයින් දිවයිනට

09 May 2026, 11:19 AM | News | Views: 26

Article Image
චීනයේ පැවති 20 වැනි ලෝක විශාලතම නිවුන් උළෙලේදී (World Largest Twins Festival – 2026) හොඳම නර්තනාංගයට හිමි සම්මානය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (8) රාත්‍රියේ දිවයිනට පැමිණියේය.

රටවල් 47ක සහභාගීත්වයෙන් අප්‍රේල් 29 සිට මැයි 04 දක්වා චීනයේ මෝජෑන් (Mojiang) නුවරදී මෙම උළෙල පැවැත්විණි.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරිපත් කළ පහතරට නැටුම් සම්ප්‍රදායේ එන "අංගම්පාලිය" නර්තනාංගය ජාත්‍යන්තර ප්‍රේක්ෂකයන්ගේ දැඩි ඇගයීමට ලක් වූ අතර, එය උළෙලේ විශිෂ්ටතම නිර්මාණය ලෙස සම්මානයට පාත්‍ර විය.

ජයග්‍රාහී කණ්ඩායම ඊයේ රාත්‍රී 09.28 ට චීනයේ චෙන්ඩු නුවර සිට CA-425 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා විය.

මේ අතර, ලෝක නිවුන් සම්මේලනයේ සංවිධානයෙන් එළඹෙන සැප්තැම්බර් මාසයේදී කොළඹ කේන්ද්‍ර කරගනිමින් ජාත්‍යන්තර මට්ටමේ නිවුන් උළෙලක් මෙරටදී පැවැත්වීමට ද සැලසුම් කර ඇත.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.