දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි පිළිබඳ 'රතු' නිවේදනයක්.

14 May 2026, 10:12 AM | News | Views: 21

Article Image
දිවයිනේ දිස්ත්‍රික්ක රැසකට තද වැසි පිළිබඳ 'රතු' නිවේදනයක්!
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව පවසමින් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

පළාත්: බස්නාහිර, සබරගමුව සහ වයඹ.
මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර.

අද (මැයි 14) පෙරවරු 9.30 සිට හෙට (මැයි 15) පෙරවරු 8.30 දක්වා මෙම අනතුරු ඇඟවීම බලපැවැත්වේ.

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් සක්‍රීයව පවතින අතර, ඉදිරි පැය 36 තුළ එය ක්‍රමයෙන් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් දුර්වල වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං ඇති විය හැක.

අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්න.

වැසි සහිත තත්ත්වය හේතුවෙන් ඇති විය හැකි ගංවතුර හෝ නායයෑම් අවදානම් පිළිබඳ අවධානයෙන් පසුවන්න.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.