නීති විරෝධී දුම්වැටි 22,400ක් අත්අඩංගුවට

18 May 2026, 12:00 PM | News | Views: 22

Article Image
රුපියල් ලක්ෂ 20කට අධික වටිනාකමකින් යුත් නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු වැල්ලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

යුද්ධ හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ මොරටුව විශේෂ කාර්ය බලකායේ (STF) නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇත.

එහිදී මෙරට නීතියට පටහැනිව අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 22,400ක් පොලිස් භාරයට ගැනීමට හැකි වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සහ දුම්වැටි තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා වැල්ලවත්ත පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බව වාර්තා වේ. මොරටුව විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය එක්ව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.