කොංගෝවෙන් ඇරඹි ඉබෝලා වසංගතය උගන්ඩාවටත් ඇතුළු වේද? ජාත්‍යන්තර සෞඛ්‍ය හදිසි තත්ත්වයක්!

19 May 2026, 10:43 AM | International | Views: 22

Article Image
අප්‍රිකානු කලාපයේ කොංගෝ රාජ්‍යය තුළ වේගයෙන් ව්‍යාප්ත වන මාරාන්තික ඉබෝලා වයිරසය හේතුවෙන් මේ වන විට පුද්ගල ජීවිත 100ක් අහිමි වී ඇති බව අප්‍රිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය නිල වශයෙන් නිවේදනය කර සිටියි.

එම මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවලට අනුව, කොංගෝවේ ඉබෝලා ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 400 සීමාව ඉක්මවා ගොස් ඇත.

වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා කොංගෝ රජය දැඩි පියවර ගනිමින් සිටින අතර, තත්ත්වය තීරණාත්මක වීම හේතුවෙන් එරට දේශසීමා වසා දැමීමට ද බලධාරීන් තීරණය කර තිබේ.

කොංගෝවෙන් ඇරඹි මෙම වසංගතය මේ වන විට අසල්වැසි උගන්ඩාවට ද පැතිර යමින් පවතින බව වාර්තා වේ. උගන්ඩාවෙන් ද නව ආසාදිතයන් වාර්තා වීමට පටන් ගැනීමත් සමඟ කලාපීය සෞඛ්‍ය අංශ දැඩි විමසිල්ලෙන් පසුවෙයි.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ මේ වන විට කොංගෝවේ ව්‍යාප්ත වන්නේ ඉබෝලා වයිරසයේ අතිශය දරුණු ප්‍රභේදයක් ලෙස සැලකෙන 'බුන්ඩිබුගියෝ' (Bundibugyo) ප්‍රභේදය බවයි.

මෙම ප්‍රභේදයේ ඇති මාරාන්තික ස්වභාවය සලකා බලා, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ජාත්‍යන්තර මට්ටමේ සෞඛ්‍ය හදිසි තත්ත්වයක් (Public Health Emergency of International Concern) ප්‍රකාශයට පත් කර ඇත.

අප්‍රිකානු කලාපය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින්, වෛරසය තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කරමින් සිටියි.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.