ඇහැලියගොඩදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කෙරේ

19 May 2026, 11:00 AM | News | Views: 23

Article Image
ඇහැලියගොඩ, පොල්වත්ත කඩේ හන්දිය ආසන්නයේදී ඊයේ (19) පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර ඇති බව ඇහැලියගොඩ පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි නුවන් බුද්ධික රාජපක්ෂ නමැති 33 හැවිරිදි විවාහක පුද්ගලයෙකි. ඔහු පතල් කර්මාන්තයේ නියුතු අයෙකු බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

පොලිසිය සඳහන් කරන පරිදි, මෙම ඝාතනය සිදුකළ සැකකරුවන් ස්කූටි (Scooty) වර්ගයේ යතුරුපැදියකින් පලාගොස් ඇති බවට තොරතුරු ලැබී ඇත. ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ ගෙල ප්‍රදේශයේ දරුණු කැපුම් තුවාල කිහිපයක් දක්නට ලැබෙන අතර, එම තුවාල නිසා අධික ලෙස රුධිරය වහනය වීමෙන් ඔහු එම ස්ථානයේදීම මියගොස් ඇත. මීට අමතරව ඔහුගේ පාදයක ද කැපුම් තුවාල කිහිපයක් දක්නට ලැබුණු බව පොලිසිය වැඩිදුරටත් කියා සිටී.

සිද්ධිය සම්බන්ධයෙන් ඇහැලියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරන අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කර ඇත.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.