හිටපු ශ්‍රී ලංකන් CEO ගේ මරණයට CCTV යන්ත්‍ර රජයේ රස පරීක්ෂක වෙත! ඉංජිනේරුවරු සාක්ෂියට කැඳවයි, මියගිය තැන නාඳුනන පෙති වර්ග දෙකක්

19 May 2026, 12:06 PM | News | Views: 27

Article Image
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ අබිරහස් මරණය සිදුවූ නිවසේ මෙන්ම ඔහු පදිංචිව සිටි නිවසේ ද සී.සී.ටී.වී (CCTV) දර්ශන පටිගත වී නොමැති බව කොළඹ අපරාධ කොට්ඨාශය අද (19) අධිකරණයට දැනුම් දුන්නේය.
කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ අද මෙම මරණයට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණය කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.
2026 මැයි 05 වනදා සහ මැයි 07 වනදා අතර කාලය තුළ කිසිදු බාහිර පුද්ගලයෙකු නිවසට ඇතුළු වී නොමැති බව පිටත කැමරා පරීක්ෂාවේදී පෙනී ගියද, නිවස අභ්‍යන්තරයේ වූ CCTV පද්ධති දෙකෙහිම කිසිදු දර්ශනයක් පටිගත වී නොමැති බව පොලිසිය පැවසීය. මේ හේතුවෙන් අදාළ DVR යන්ත්‍ර රස පරීක්ෂක වෙත යොමු කිරීමට නියමිතය.
මරණය සිදුවූ ස්ථානයේ තිබී හඳුනා නොගත් ඖෂධ පෙති වර්ග දෙකක් හමුවී ඇත. එහි එක් වර්ගයකින් පෙති 09ක් සහ අනෙක් වර්ගයෙන් පෙති 11ක් තිබී ඇති අතර, ඒවා ද රස පරීක්ෂක වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.
මරණකරුට ඇප තැබූ, දැනට රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවන පුද්ගලයන් දෙදෙනාගෙන් මෙතෙක් ප්‍රකාශ සටහන් කර නොගැනීම පිළිබඳව මහෙස්ත්‍රාත්වරයා මෙහිදී පොලිසියෙන් ප්‍රශ්න කළේය. "රිමාන්ඩ් එකේ ඉන්නවා නම් ප්‍රකාශයක් ගන්න එක තවත් ලේසියි" යනුවෙන් මහෙස්ත්‍රාත්වරයා එහිදී අවධාරණය කළේය.
මෙම මරණයට අදාළව සාක්ෂි ලබාදීම සඳහා අදාළ CCTV පද්ධතිය සවිකළ සමාගමේ ඉංජිනේරුවරයා ඇතුළු සාක්ෂිකරුවන් කිහිපදෙනෙකු අධිකරණයට කැඳවා තිබූ අතර, වැඩිදුර සාක්ෂි විමසීම ඉදිරි දිනයකදී සිදු කිරීමට නියමිතය.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.