ඉරානයට එල්ල කිරීමට තිබූ ප්‍රහාරය ට්‍රම්ප් අත්හිටුවයි

19 May 2026, 2:36 PM | International | Views: 22

Article Image
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව අඟහරුවාදා දිනයේ දියත් කිරීමට නියමිතව තිබූ මිලිටරි ප්‍රහාරයක් අත්හිටුවීමට පියවර ගෙන ඇත.

ට්‍රුත් සෝෂල් (Truth Social) සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ, කටාර්, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රාජ්‍ය නායකයින් විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම තීරණය ගත් බවයි.

දැනට අදාළ පාර්ශ්වයන් සමඟ "සාකච්ඡා සිදුවෙමින් පවතින" බැවින් ප්‍රහාරය නවතා දැමීමට තීරණය කළ බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

එක්සත් ජනපදයට "ඉතා පිළිගත හැකි" ගිවිසුමක් ඇති කර ගැනීමට ඉරානය සූදානම් බව තමා වෙත දැනුම් දී ඇති බවත්, "ඉරානය සදහා න්‍යෂ්ටික අවි නැත" යන ස්ථාවරයෙහි තමා තවදුරටත් රැඳී සිටින බවත් ජනාධිපති ට්‍රම්ප් අවධාරණය කරයි.

කෙසේ වෙතත්, ඉදිරියේදී යම් හෙයකින් පිළිගත හැකි ගිවිසුමකට එළඹීමට නොහැකි වුවහොත්, "ක්ෂණික දැනුම්දීමකින් ඉරානයට එරෙහිව පූර්ණ, මහා පරිමාණ ප්‍රහාරයක් සමඟ ඉදිරියට යාමට" තමා සහ තම පාලනය සූදානම් බවට ඔහු අනතුරු ඇඟවීමක් ද සිදු කර ඇත.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.