කටුනායකදී චීන ජාතිකයින් තිදෙනෙකු රු. ලක්ෂ 51ක ජංගම දුරකථන තොගයක් සමඟ කොටුවේ!

20 May 2026, 9:44 AM | News | Views: 26

Article Image
සයිබර් අපරාධ සඳහා භාවිතා කිරීමට සැක කෙරෙන ජංගම දුරකථන සහ බැටරි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ චීන ජාතිකයින් තිදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (19) රාත්‍රී චීනයේ ෂැංහයි සිට පැමිණි මොවුන්, රේගු පරීක්ෂාවකින් තොරව 'හරිත මාවත' ඔස්සේ පිටව යාමට උත්සාහ කරද්දී රේගු නිලධාරීන් විසින් කොටු කරගන්නා ලදී. සැකකරුවන් සතුව තිබී ජංගම දුරකථන 87ක් සහ බැටරි 140ක් සොයාගත් අතර, ඒවා ශරීරයේ සඟවාගෙන සහ ගමන් මලු තුළ සූක්ෂම ලෙස අසුරා තිබියදී අත්අඩංගුවට ගෙන ඇත.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.