අණ නොතකා පලාගිය ලොරියට හුංගම කට්ටකඩුව ප්‍රදේශයේදී පොලිසියෙන් වෙඩි ප්‍රහාරයක්

20 May 2026, 10:39 AM | News | Views: 23

Article Image
හුංගම - කට්ටකඩුව ප්‍රදේශයේදී අද (20) අලුයම පොලිසිය විසින් සිදුකළ මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස ගවයන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් වෙඩි තබා අල්ලා ගැනීමට හැකි විය.

පොලිස් අණ නොතකා අධික වේගයෙන් පලාගිය ලොරි රථය නතර කර ගැනීම සඳහා පොලිසිය මෙලෙස වෙඩි තබා ඇති අතර, එම වෙඩි තැබීමෙන් ලොරි රථයේ ගමන් ගත් එක් සැකකරුවෙකු තුවාල ලබා ඇත. සැකකරුගේ දකුණු කකුලේ කළවා ප්‍රදේශයට වෙඩි වැදීමෙන් බරපතළ තුවාල සිදුවී ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.

තංගල්ල මූලික රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ සැකකරු ප්‍රතිකාර ලබන අතර, තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිපුණ දෙහිගම මහතාගේ උපදෙස් මත තංගල්ල මූලස්ථාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.