උපාධිධාරී ගුරුවරුන් 3,000ක් බඳවා ගැනීමේ තරග විභාගය මෙම 24 වන දින පැවැත්වේ

21 May 2026, 11:48 AM | News | Views: 18

Article Image
උපාධිධාරී ගුරුවරුන් 3,000ක් බඳවා ගැනීම සඳහා වන තරග විභාගය මෙම මස 24 වන දින පැවැත්වීමට නියමිත බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා ප්‍රකාශ කළේය.

වීරපුර විද්‍යාලයේ නව ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ, දේශපාලන මැදිහත්වීම්වලින් තොරව, විභාග ලකුණු සහ සුදුසුකම් මත පමණක් පදනම්ව ගුරුවරුන් බඳවා ගැනීමේ නව සංස්කෘතියක් රජය ආරම්භ කර ඇති බවයි. තවද, ගුරු සහ විදුහල්පතිවරුන්ගේ මූලික වැටුප සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමට රජය පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

අනාගත ලෝකයට ගැලපෙන "සුහුරු පුරවැසියකු" නිර්මාණය කිරීමේ වැදගත්කම පැහැදිලි කළ අමාත්‍යවරයා, දිවයිනේ සෑම පාසලකම අවම වශයෙන් එක් ස්මාර්ට් පන්ති කාමරයක් (Smart Classroom) බැගින් ස්ථාපිත කිරීමේ ඩිජිටල් හා තාක්ෂණික සංවර්ධන වැඩසටහන මේ වන විටත් සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින බවද සඳහන් කළේය.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.