වෙසක් අසිරිය සහ ඔබ දැනගත යුතු දන්සල් ආරක්ෂාව!

28 May 2026, 12:30 PM | News | Views: 23

Article Image
පෙර උදාවන වෙසක් පොහොය වෙනුවෙන් මේ වන විට දිවයින පුරා දැඩි උනන්දුවකින් කටයුතු සංවිධානය කෙරෙමින් පවතී.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසන පරිදි, මේ වන විට දන්සල් 15,000කට ආසන්න සංඛ්‍යාවක් ලියාපදිංචි වී අවසන්ය.

දන්සල් ලියාපදිංචිය තවදුරටත් විවෘතව පවතින බව පවසන එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා, මේ දිනවල බෝවන රෝග කිහිපයක් වාර්තා වන හෙයින් දන්සල් සංවිධානය කිරීමේදී උපරිම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙස සංවිධායකයින්ගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

මේ අතර, රට පුරා වෙසක් කලාප, තොරණ සහ පහන් කූඩු ප්‍රදර්ශන රැසක් සංවිධානය වෙමින් පවතින අතර ජනතාව ද සිය නිවෙස් වෙසක් සැරසිලිවලින් අලංකාර කිරීමට එක්ව සිටිති.

පසුගිය වසරවලට සාපේක්ෂව වෙසක් සැරසිලිවල මිල ගණන් යම් තරමකින් ඉහළ ගොස් තිබුණ ද, වෙළඳපොළ තුළ සැරසිලි අලෙවියේ කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබේ.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.