ශාසනික ගැටලුවලට සංඝ අධිකරණයෙන් විසඳුම් ලැබෙන්නේ නැහැ - අගලකඩ සිරිසුමන හිමි

29 May 2026, 6:48 PM | News | Views: 15

Article Image
ආණ්ඩුව විසින් නව සංඝ අධිකරණයක් පිහිටුවීමට උත්සාහ කළ ද, ඉන් වත්මන් ශාසනික ගැටලුවලට විසඳුම් නොලැබෙන බව පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියන් පවසයි.

උන්වහන්සේ අවධාරණය කරන්නේ, ශාසනයට අවශ්‍ය වන්නේ දීර්ඝ කාලයක් තිස්සේ ඉල්ලා සිටින 'භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත' නීතිගත කරගැනීම බවයි.

කතිකාවතක් යනු එක් එක් නිකායන්ට අයත් භික්ෂූන් වහන්සේලා පාලනය කෙරෙන අභ්‍යන්තර ව්‍යවස්ථාව බව පෙන්වා දෙන උන්වහන්සේ, ආණ්ඩුව එම ප්‍රධාන කාර්යය මඟහැර වෙනත් දෑ සිදු කිරීමෙන් පලක් නොවන බව පවසයි.

උන්වහන්සේගේ අදහස්,

* විනය පිටකයේ ඇති ශික්ෂාපද නිසි ලෙස ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නේ නම් විනය විරෝධී ක්‍රියාවලට ඉඩක් නොමැත.
* වරදක් කරන භික්ෂූන් වහන්සේලා සිවිල් අධිකරණවලට යොමු නොකර, මහානායක හිමිවරුන් සහ කාරක සංඝ සභාව වෙත අවවාද කිරීමට සහ ශාසනික දණ්ඩනයන් ලබාදීමට නීතිමය බලය පැවරිය යුතුය.
* පසුගිය ජනාධිපති පාලන සමයන්හිදී මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළද, විවිධ පාර්ශ්වවල බලපෑම් මත එය අසාර්ථක විය.
* මේ නිසා වැරදි කරන භික්ෂූන් වහන්සේලා පාලනය කිරීමට මහානායක හිමිවරුන්ට පවා අද වන විට නීතිමය බලයක් නොමැති වී ඇති බව උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියි.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.