තහනම් දැල්වලින් මසුන් ඇල්ලූ ධීවරයින් තිදෙනෙකු පුත්තලම STF සහායෙන් ධීවර නිලධාරීන්ගේ භාරයට

03 Jun 2026, 10:34 AM | News | Views: 16

Article Image
කල්පිටිය කළපුවේ කන්දකුඩාව සහ කල්කුඩාව යන ප්‍රදේශ ආශ්‍රිතව නීති විරෝධී තහනම් දැල් භාවිත කරමින් මසුන් අල්ලමින් සිටි ධීවරයින් තිදෙනෙකු (3) ඊයේ (02) විශේෂ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබේ.

පුත්තලම විශේෂ කාර්ය බලකායේ (STF) නිලධාරීන්ගේ පූර්ණ සහයෝගය ඇතිව, කල්පිටිය ධීවර කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇත.

මෙම වැටලීමේදී සැකකරුවන් සන්තකයේ තිබූ විශාල වටිනාකමකින් යුත් තහනම් ධීවර ආම්පන්න තොගයක් පොලිස් භාරයට ගැනීමට නිලධාරීන් සමත්ව තිබේ. ඒ අතර,

* නීති විරෝධී තංගුස් දැල් කට්ටල 30 ක්
* තහනම් කූඩු දැල් කට්ටල 20 ක්

අත්අඩංගුවට ගත් මෙම දැල් සහ ධීවර ආම්පන්නවල සමස්ත වටිනාකම රුපියල් ලක්ෂ 30 ඉක්මවන බව වැටලීමට සම්බන්ධ වූ නිලධාරීහු ප්‍රකාශ කළහ.

"භාවිතය වගේම ළඟ තබා ගැනීමත් සපුරා තහනම්"
මෙම තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂ සරත් චන්ද්‍ර නායක මහතා අවධාරණය කළේ, මෙලෙස අත්අඩංගුවට ගත් දැල් වර්ග භාවිත කිරීම මෙන්ම ළඟ තබා ගැනීම පවා ශ්‍රී ලංකාවේ නීතියට අනුව සපුරා තහනම් වන බවයි.

මෙම දැල් ආම්පන්න භාවිතය හේතුවෙන් කළපු පද්ධතියට සහ සාගර කලාපයට දැඩි පරිසර හානියක් සිදුවන අතර, කුඩා මසුන් ඇතුළු සාගර ජීවීන් විනාශ වන මත්ස්‍ය සංහාරයක් සිදුවන බවද සහකාර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

නීති විරෝධී ධීවර මෙහෙයුමේ යෙදී සිටියදී මෙලෙස නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව ඇත්තේ කල්කුඩාව ප්‍රදේශයේම පදිංචිකරුවන් වන වයස අවුරුදු 35 ත් 50 ත් අතර පසුවන ධීවරයින් තිදෙනෙකි.

සැකකරුවන් සහ නීති විරෝධී ධීවර ආම්පන්න තොගය සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගැනීමට ධීවර නිලධාරීන් කටයුතු කරමින් සිටී.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.