වෙසක් තොරන් බලන්න ගිය 15, 16 සහ 17 වයස්වල දැරියන් තිදෙනා කොටු වූ හැටි !

07 Jun 2026, 11:58 AM | News | Views: 26

Article Image
ළමා නිවාසයක රඳවා සිටියදී වෙසක් සිරි නැරඹීම සඳහා නිවාසයේ බලධාරීන්ට හොර රහසේම පැනගොස් සිටි ගැහැනු ළමුන් තිදෙනෙකු (3) නිරුපද්‍රිතව පොලිස් භාරයට ගැනීමට පානදුර මූලස්ථාන පොලිසිය සමත්ව තිබේ.

පානදුර ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ ළමා නිවාසයක කළමනාකාරිනියක විසින් පොලිසිය වෙත සිදුකරන ලද හදිසි පැමිණිල්ලකට අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායම් විසින් මෙම ළමුන් පිරිස සොයාගෙන ඇත.

මෙලෙස පොලිස් භාරයට ගෙන ඇත්තේ අදාළ ළමා නිවාසයේ රැකවරණය ලබමින් සිටි 15, 16 සහ 17 යන වයස්වල පසුවන බාලවයස්කාර ගැහැනු ළමුන් තිදෙනෙකු බව පොලිසිය සනාථ කරයි.

* තොරන් බලන්න කොළඹට ඇවිත් දිස්ත්‍රික්ක 3ක රවුමක් ගහලා!

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම ගැහැනු ළමුන් තිදෙනා ළමා නිවාසයෙන් රහසිගතව පැනගැනීමෙන් අනතුරුව, පානදුර ප්‍රදේශයේ සිට සෘජුවම කොළඹ බලා පැමිණ ඇති බවයි.

ඔවුන් කොළඹ ප්‍රදේශයේ ප්‍රදර්ශනය කෙරුණු වෙසක් තොරන් සහ වෙසක් සිරි නැරඹීමෙන් පමණක් නතර නොවී, එතැන් සිට පිළිවෙළින් ගම්පහ සහ කුරුණෑගල යන ප්‍රදේශ දක්වාම දීර්ඝ ගමනක නිරත වී ඇති බව ද පොලිසිය පවසයි.

කෙසේ වුවද, පලාගිය ළමුන් පිළිබඳව ලද පැමිණිල්ල මත රට පුරා පොලිස් ස්ථාන දැනුවත් කරමින් දියත් කළ සෝදිසි මෙහෙයුම්වල ප්‍රතිඵලයක් ලෙස මෙම ගැහැනු ළමුන් තිදෙනාව නිරුපද්‍රිතව පොලිස් භාරයට ගැනීමට හැකි වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පානදුර මූලස්ථාන පොලිසිය ඉදිරි නීතිමය පියවර ගනිමින් සිටියි.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.