රටම එකට පොලිස් ජාතික මධ්‍යස්ථානය..

28 Jun 2026, 9:38 AM | News | Views: 9

Article Image
රටම එකට” ජාතික මෙහෙයුම් ප්‍රධාන කාර්යාලය සහ මාධ්‍ය මධ්‍යස්ථානය විවෘත කිරීම –

“රටම එකට” ජාතික මෙහෙයුම් ප්‍රධාන කාර්යාලය සහ මාධ්‍ය මධ්‍යස්ථානය ගරු මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් 2026.06.26 වන අද දින සවස කොළඹ 07, විජේරාම මාවත ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිල්ලක විවෘත කරන ලදී.

මෙරට තුළ නීති විරෝධී මත්ද්‍රව්‍ය සංසරණය හා භාවිතය තුරන්කිරීම සඳහා මත්ද්‍රව්‍ය සැපයුමට හා ඉල්ලුමට සැලකිය යුතු බලපෑමක් සිදුකරමින් ඒ්කබද්ධ මෙහෙයුම් තවදුරටත් පුළුල් කිරීමත්, ජනතාව මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළක්වාගැනීම සඳහා දැනුවත්කිරීමේ ප්‍රචාරන කටයුතු ඉහළ නැංවීමත් මෙම මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමෙන් අපේක්ෂා කරනු ලබන ප්‍රධාන අරමුණු වේ.

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනයට සමගාමීව 2025.10.30 වන දින සිට ආරම්භ කර මාස 08 ක කාලයක් පුරාවට සාර්ථකව ක්‍රියාත්මක වන රටම එකට “ඉවත්වෙනු” මත්ද්‍රව්‍ය නිවාරන ජාතික වැඩසටහනේ ප්‍රගතිය උදෙසා තැබූ තවත් වැදගත් පියවරක් ලෙස මෙම අවස්ථාව හැදින්වේ.

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතා, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින්, ත්‍රිවිධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරුන් ඇතුළු ආයතන රැසක ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගි විය.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.