සමාගමෙන් ඉවත් වෙලා යන මේ පුද්ගලයට සමාගමේ හිමිකරු දීපු දේ

28 Jun 2026, 6:07 PM | News | Views: 11

Article Image
වසර ගණනාවක් අවංකව සේවය කරලා සමාගමෙන් ඉවත් වෙලා යන මේ පුද්ගලයට
සමාගමේ හිමිකරු අනිත් සේවකයන් ඉදිරියේම දීපු දේ නිසා හැමෝගෙම ඇස් උඩ ගියා..🥺❤️
ලෝකේ පුරාම මිලියන ගණන් මිනිස්සුන්ගේ ඇස්වලට කඳුළු උනපු, හදවතට දැනිච්ච මනුස්සකම කියන දේ ගැන ලොකුවටම හිතන්න පොළඹවපු සිදුවීමක් සෞදි අරාබියෙන් වාර්තා වුණා..

මේක නිකන්ම සම්මාන උත්සවයක් නෙවෙයි. මේක තමන්ගේ තරුණ කාලය, ශ්‍රමය, දහඩිය මුළු ජීවිත කාලයෙන්ම බාගෙකට වඩා ආයතනයක් වෙනුවෙන් කැප කරපු රත්තරන් හදවතක් තියෙන වයෝවෘද්ධ සේවකයෙකුට, ඒ ආයතනයේ ලොක්කා මුළු ලෝකයම ඉදිරියේ කරපු අදහාගත නොහැකි වැඩක්..

අද අපි කියන්න යන්නේ, අන්තර්ජාලය හොල්ලපු, අදටත් හැමෝම කතා කරන ඇත්තම කතාවක් ගැන.. 👇
🏭 සෞදි අරාබියේ ඉතාමත් විශාල, ප්‍රමුඛ පෙළේ නිෂ්පාදන සහ ඉංජිනේරු සමාගමක් තමයි Al-Fanar කියන්නේ. මේ වගේ දැවැන්ත සමාගම් සාර්ථක වෙන්නේ නිකන්ම නෙවෙයි. ඒවාවල අත්තිවාරම ඇතුළේ දහස් ගණනක් සේවකයින්ගේ රුධිරය, දහඩිය සහ අවංකකම තැන්පත් වෙලා තියෙනවා..

අන්න ඒ වගේ අවංකවම, තමන්ගේ මුළු ජීවිත කාලයම මේ සමාගමේ දියුණුව වෙනුවෙන් කැප කරපු වයෝවෘද්ධ සේවකයෙක් හිටියා. ඔහු දකුණු ආසියාතික (පාකිස්තානු) ජාතිකයෙක්. තමන්ගේ මව්බිමෙන් ඈත්වෙලා, පවුලෙන් වෙන්වෙලා, කාන්තාර පරිසරයක අවුරුදු ගණනාවක් තිස්සේ ඔහු මේ සමාගමට සේවය කලේ නිකන්ම රක්ෂාවක් කරනවාට නෙවෙයි. ඔහු ඒ කාර්යයට ආදරය කළා. සමාගම තමන්ගේම පවුලක් වගේ සැලකුවා.
වයසට ගිහින්, කොණ්ඩ රැවුල් පැහිලා, ගතින් දුර්වල වුණත්, සමාගම කෙරෙහි තිබුණු ඔහුගේ පක්ෂපාතීත්වය බිඳක්වත් අඩු වුණේ නැහැ..

✨2020 මාර්තු මාසයේ එක දවසක, අල්-ෆනාරි සමාගමේ ප්‍රධාන ශාලාව සම්පූර්ණයෙන්ම සේවකයින්ගෙන් පිරිලා ඉතිරිලා තිබුණා. වෙනදා වගේ සාමාන්‍ය වැඩ කරන දවසක් නෙවෙයි ඒක. සමාගමේ ඉහළම කළමනාකාරීත්වයේ ඉඳන් සාමාන්‍ය සේවකයා දක්වා හැමෝම එක තැනකට එකතු වෙලා හිටියේ බොහොම නිහඬ, හැඟීම්බර බලාපොරොත්තුවක් ඇතුවයි.

වේදිකාව උඩ හිටියේ සමාගමේ Chairman අබ්දුල් සලාම් අල්-මුත්ලක් (Abdul Salam Al-Mutlaq) මහත්මයා.
ඔහු මයික්‍රෆෝනය අතට අරන්, මේ වයෝවෘද්ධ සේවකයාව වේදිකාවට කැඳෙව්වා. තමන්ගේ ජීවිත කාලයෙන් වැඩි හරියක් සමාගමේ දියුණුව වෙනුවෙන් නිහඬවම දහඩිය හෙලූ ඒ ආදරණීය සේවකයා, සිය ගණනක් සගයන්ගේ අත්පොලසන් මැද, බොහොම නිහතමානීව වේදිකාවට ගොඩ වුණා. සභාපතිවරයා මුළු සේවක මණ්ඩලයම ඉදිරියේ මේ වයෝවෘද්ධ මිනිසාගේ අවංකකම සහ කැපවීම අගය කරමින් කෘතඥතා පූර්වකව කතා කරන්න පටන් ගත්තා.
ඒ මුහුණේ තිබුණේ පුදුමය සහ සතුට මුසු වුණු හැඟීමක්. තමන් කරපු සේවය මෙච්චර ලොකුවට අගය කරයි කියලා ඔහු හීනෙකින්වත් හිතන්න නැතුව ඇති.

🎁 සභාපති අල්-මුත්ලක් මහත්මයා බොහොම ලස්සනට ඇසුරුම් කරපු තෑගි පෙට්ටියක් මේ වයෝවෘද්ධ සේවකයාගේ අතට දුන්නා.

මේක ඔයා අපේ සමාගමට කරපු සේවයට අපෙන් ලැබෙන පුංචි තෑග්ගක්...
මුළු ශාලාවම එකම නිශ්ශබ්දතාවයකට පත් වුණා. සේවකයා වෙවුලන දෑතින් ඒ පෙට්ටිය විවෘත කළා.
එතන හිටපු හැමෝම, සේවකයා විතරක් නෙවෙයි, මුළු ශාලාවම මවිතයට පත් කරමින් ඒ පෙට්ටිය ඇතුළෙන් දිලිසුණේ පිරිසිදු, විශාල රත්තරන් කුට්ටියක් 😮 බරින් සහ වටිනාකමින් අධික ඒ රත්තරන් කුට්ටියේ එවකට වටිනාකම ඇමරිකානු ඩොලර් 53,000 කට වඩා වැඩියි ( ශ්‍රී ලංකා මුදලින් නම් රුපියල් කෝටි ගණනක්)
ඒ වෙලාවේ සභාපතිවරයා ඒ සේවකයාගේ උරහිසට තට්ටු කරලා, මුහුණේ ආදරණීය සිනහවක් තියාගෙන කීවේ මුළු ලෝකයේම හදවත් ද දිනාගත්තු ඒ සුප්‍රසිද්ධ වදනයි

"Gold for the Gold Man" (රත්තරන් වගේ මිනිහෙකුට, රත්තරන්ම තමයි දෙන්න ඕනේ) 🥺💛
ඒ වචන ටික ඇහෙද්දී, ඒ වයෝවෘද්ධ සේවකයාගේ ඇස්වලින් සතුටු කඳුළු කඩාගෙන වැටුණා. අවුරුදු ගණනාවක මහන්සිය, රෑ දවල් නොබලා හෙලපු දහඩිය, තනිකම, මේ හැමදේටම වඩා තමන්ව අගය කලා කියන හැඟීම ඒ කඳුළුවල තිබුණා. ශාලාවේ සිටි සගයන් සියල්ලන්ම නැගී සිටිමින් අත්පොලසන් නගන්න පටන් ගත්තේ නෙත්වල කඳුළු පුරවාගෙන.

📲 මෙන්න මේ සජීවී අවස්ථාව සමාගමේ කෙනෙක් තමන්ගේ දුරකථනයෙන් වීඩියෝ කරලා අන්තර්ජාලයට මුදා හැරියා. එතනින් එහාට වුණේ සැබෑම ආශ්චර්යයක්.
දින කිහිපයක් ඇතුළත මේ වීඩියෝව ෆේස්බුක්, ට්විටර්, සහ ටික්ටොක් හරහා මිලියන ගණනක් ජනතාව අතරට වේගයෙන් පැතිරිලා ගියා. මැද පෙරදිග, දකුණු ආසියාව (විශේෂයෙන්ම පාකිස්තානය, ඉන්දියාව, ලංකාව ඇතුළු රටවල්) විතරක් නෙවෙයි, මුළු ලෝකයම මේ වීඩියෝව ගැන කතා කරන්න ගත්තා.
ලෝකේ පුරාම ඉන්න මිනිස්සු සෞදි අරාබියේ අල්-ෆනාරි සමාගමට සහ එහි සභාපතිවරයාට ප්‍රශංසා වැසි වස්සන්න ගත්තා.


සැබෑ නායකයෙක් කියන්නේ මෙන්න මෙයාටයි...
ආයතනයක ලොක්කෙක් සහ නායකයෙක් (Boss vs Leader) අතර වෙනස මේකයි...
ශ්‍රමයේ වටිනාකම දන්නා මිනිස්සු තවමත් ලෝකයේ ඉන්නවා...
කමෙන්ට් තීරුවල ලියවුණු දහස් ගණන් අදහස්වලින් කියවුණේ ඒ ටික.
🤝 මේ කතාව ලෝකෙටම ලොකු පණිවිඩයක් දුන්නා. විශේෂයෙන්ම සෞදි අරාබිය ඇතුළු මැදපෙරදිග රටවල් අද තියෙන දියුණු මට්ටමට ගේන්න, දකුණු ආසියාතික රටවලින් (පාකිස්තානය, ඉන්දියාව, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව) ගිය මිලියන සංඛ්‍යාත විදේශික ශ්‍රමිකයන් කරපු සහ දැනුත් කරන කැපවීම සුළුපටු නැහැ.
තමන්ගේ රටවල්, පවුල් අතඇරලා, කාන්තාර මැද, කර්මාන්තශාලා ඇතුළේ ජීවිතය දිය කර හරින ඒ නිහඬ වීරයන් වෙනුවෙන් කරපු සමස්ත උපහාරයක් විදිහටයි හැමෝම මේ සිදුවීම දැක්කේ. තමන්ගේ ආයතනය වෙනුවෙන් අවංකව වැඩ කරන කෙනෙක්ව කවදාවත් ආයතනයෙන් අමතක කරන්නේ නැහැ කියන බලාපොරොත්තුව මේ හරහා ලෝකෙටම සන්නිවේදනය වුණා.

🎯 අද කාලේ ගොඩක් අය කියන්නේ කොහේ වැඩ කලත් වැඩක් නැහැ, අගය කිරීමක් නැහැ, තැනක් ලැබෙන්නේ නැහැ කියලයි. හැබැයි මේ Gold for the Gold Man සිදුවීම අපිට කියලා දෙන්නේ වෙනස්ම කතාවක්.
ඔබ කරන කාර්යය කුඩා හෝ වේවා, විශාල හෝ වේවා, ඒක උපරිම අවංකභාවයෙන් කරනවා නම්, ඒකට ලැබිය යුතු ගෞරවය කවදාහරි දවසක ලැබෙනවාමයි.
සභාපතිවරයා දුන්නු රත්තරන් කුට්ටිය වගේම, ඔහු කියපු "Gold for the Gold Man" කියන වචන කිහිපය ඒ සේවකයාගේ ආත්මයටම දුන්නු ලොකු ගෞරවයක්.

💭 ධනය, බලය, තනතුරු කියන දේවල් ඕනෑම කෙනෙකුට තියෙන්න පුළුවන්. හැබැයි තමන්ගේ දියුණුවට උදව් කරපු, තමන්ගේ ආයතනය වෙනුවෙන් ජීවිතය කැප කරපු මිනිහෙක්ව මෙන්න මේ වගේ ගෞරවනීය විදිහට අගය කරන්න පුළුවන් නායකයෝ ලෝකෙටම ඉන්නේ බොහොම ටික දෙනයි.
අල්-ෆනාරි සමාගම ලෝකෙටම ආදර්ශයක් දුන්නේ අන්න ඒ නිසයි. මේ ආදරණීය, හැඟීම්බර මිනිසාගේ කතාව අදටත්, හෙටටත්, හැමදාටම ලෝකයේ සේවක-සේව්‍ය සබඳතාවලට දිය හැකි හොඳම සහ ආදර්ශමත්ම පාඩම වනු නොඅනුමානයි✨🙌 See less
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.