චීන කොමියුනිස්ට් පක්ෂයේ සාමාජික සංඛ්‍යාව මිලියන 101.29 පනී..

30 Jun 2026, 5:16 PM | News | Views: 9

Article Image
චීන කොමියුනිස්ට් පක්ෂයේ (CPC) 105 වැනි සංවත්සරයට සමගාමීව අද (30) අඟහරුවාදා නිකුත් කරන ලද වාර්තාවකට අනුව, 2025 වසරේ අවසානය වන විට එම පක්ෂයේ සාමාජික සංඛ්‍යාව මිලියන 101.29 කට (101,290,000) ආසන්න වී තිබෙන බව Xinhua වාර්තා කරයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සංවිධාන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද එම වාර්තාවට අනුව, මෙම සාමාජික සංඛ්‍යාව 2024 වසරේ අවසානයට සාපේක්ෂව මිලියන 1.01 කින්, එනම් සියයට 1 ක (1%) වර්ධනයකි.

එමෙන්ම, 2025 වසරේ අවසානය වන විට චීන කොමියුනිස්ට් පක්ෂය සතුව ප්‍රාථමික මට්ටමේ සංවිධාන මිලියන 5.43 කට වඩා තිබී ඇති අතර, එය 2024 වසරේ අවසානයට වඩා 181,000 කින්, එනම් සියයට 3.4 ක (3.4%) වර්ධනයක් බව ද එම වාර්තාවේ සඳහන් වේ.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.