දැඩි ආරක්ෂාවල් මැද ආ කරුණා අම්මා යටිරිමාන්න යළි රිමාන්ඩ්..

30 Jun 2026, 5:17 PM | News | Views: 12

Article Image
නැගෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයක සිදුවූ ඝාතන පහක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව අත්අඩංගුවේ පසුවන හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ජුලි 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මඩකලපුව මහේස්‍රාත් අධිකරණය හමුවේ එම නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරුණි.

2008 වසරේදී සිදුවූ මෙම මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන පිළිබඳ කරුණු පසුගිය 15 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට කරුණු වාර්තා කළේය.

එහිදී මඩකලපුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණේ, අදාළ නඩුව කැඳවන ඊළඟ අවස්ථාවේදී මෙම ඝාතනවල තෙවන සැකකරු ලෙස නම් කර සිටින සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් අධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලෙසට වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළ බව සඳහන්ය.

ඒ අනුව ඔහු අද (30) පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් කළ අතර ඒ අවට ආරක්ෂාව තර කිරීමට ද කටයුතු කර තිබුණි.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.