අනෝජන්ට සමාව ලබාගැනීමට හැකිතාක් උත්සහ කරන බව ඇමති නලින්ද කියයි

19 Sep 2026, 3:34 PM | News | Views: 21

Article Image
සෞදි අරාබියේදී මරණ දඩුවම නියමවී ඇති බවට පැවසෙන සිවරාසා අනෝජන්ට සමාව ලබාගැනීමට හැකිතාක් උත්සහ කරන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය අවශ්‍ය කටයුතු කරමින් සිටින බවත් ලබාදී ඇති දඩුවම අඩු කරගැනීම රජයේ අපේක්ෂාව බවත් ඔහු ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශයට තොරතුරු වාර්තාවීමෙන් අනතුරුව එක්සත් අරාබි රජය සමග සාකච්ඡා කිහිපයක් සිදු කර ඇති බව ද අමාත්‍යවරයා කියාසිටියේය.

එමෙන්ම සිවරාසා අනෝජන්ට නීතිඥ සහාය ලබාදීමට එක්සත් අරාබි තානාපති කාර්යාලය මැදිහත්වී වූ අතර විශේෂ නිලධාරියෙක් මේ සඳහා යොමු කළ බව ද නලින්ද ජයතිස්ස අනාවරණ කළේය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සෞදියේ පවතින නීතිය ප්‍රකාරව කටයුතු කළ යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.