රාජපක්ෂවරුන්ට එරෙහි දූෂණ හා අපරාධ විමර්ශන යළිත්

14 Oct 2026, 2:26 PM | News | Views: 16

Article Image
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ සාමාජිකයන් කිහිපදෙනෙකු සම්බන්ධයෙන් දූෂණ, මූල්‍ය අක්‍රමිකතා සහ අල්ලස් චෝදනා පිළිබඳ විමර්ශන හා අධිකරණ ක්‍රියාමාර්ග මේ වන විට යළිත් අවධානයට ලක්ව තිබේ.

විශේෂයෙන් හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් පසුගිය දිනවල වාර්තා වූ අධිකරණ තීරණ හේතුවෙන් මෙම තත්ත්වය තවදුරටත් උණුසුම් වී ඇති අතර,

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය, සිරිලිය සවිය සංවිධානයේ ගිණුමකට මුදල් බැර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකදී ඔක්තෝබර් 7 වැනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

2010 වසරේදී ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් රුපියල් මිලියන 10ක මුදලක් සිරිලිය සවිය ගිණුමට බැර කර තිබීම මෙම විමර්ශනයට අදාළ වීය.

එම මුදල කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල සඳහා සීටී ස්කෑන් යන්ත්‍රයක් ලබා ගැනීමේ අරමුණින් ඉල්ලා තිබූ බවට විමර්ශනවලදී කරුණු ඉදිරිපත් වී ඇති අතර ,
අදාළ මුදල් අවභාවිත කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ශිරන්ති රාජපක්ෂ මහත්මිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් විරෝධය පළ කර තිබේ.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඔක්තෝබර් 13 වැනිදා ඇය ඔක්තෝබර් 16 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.

හිටපු ජනාධිපතිවරයාගේ පුත්‍රයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද ශ්‍රීලංකන් ගුවන් සේවයේ එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කෙරෙන අල්ලස් විමර්ශනයකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අතර, 2013 වසරේ ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට සම්බන්ධ බව කියන අල්ලස් චෝදනා මෙම විමර්ශනයේ කේන්ද්‍රය වී තිබේ.

ඔක්තෝබර් 13 වැනිදා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ නඩුව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ විභාග කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට අපේක්ෂා කර ඇති බවත්,
නාමල් රාජපක්ෂ මහතා ඔක්තෝබර් 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද නියෝග කර තිබේ.

මෙම චෝදනා සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතා මීට පෙර වරදක් සිදු කළ බව ප්‍රතික්ෂේප කර ඇත.

නාමල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් අවධානයට ලක්ව ඇති තවත් සිද්ධියක් වන්නේ ක්‍රිෂ් දේපළ සංවර්ධන ව්‍යාපෘතියට අදාළ විමර්ශනයයි.
නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ කොටුවේ ට්‍රාන්ස්වර්ක්ස් චතුරස්‍රයේ ඉඩමක් සම්බන්ධයෙන් අනුමැතීන් ලබා ගැනීමට සහ අදාළ කටයුතු කඩිනම් කිරීමට සහාය වීම වෙනුවෙන් රුපියල් මිලියන 70ක මුදලක් අවස්ථා තුනකදී ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වී ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් විමර්ශන සිදු කරමින් පවතී.
අදාළ චෝදනා සම්බන්ධයෙන් අවසන් අධිකරණ තීන්දුවක් ලබා දී නොමැත.

මේ අතර, දූෂණ, වංචා සහ අපරාධ සම්බන්ධයෙන් විමර්ශනයට ලක්වන සිද්ධීන් 50ක් ඇතුළත් ලේඛනයක් ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ඔක්තෝබර් 8 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර ,
එම ලේඛනයට හිටපු අමාත්‍යවරුන්, දේශපාලනඥයන්, රාජපක්ෂ පවුලේ සාමාජිකයන් සහ රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ විවිධ විමර්ශන හා නීතිමය ක්‍රියාමාර්ග ඇතුළත් වන බව වාර්තා වී ඇත.

මෙම පියවර දේශපාලන පළිගැනීමක් නොවන බව අවධාරණය කළ අමාත්‍යවරයා, අදාළ නඩු සහ විමර්ශන බොහොමයක් වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට පෙර ආරම්භ වූ ඒවා බව ප්‍රකාශ කර තිබිමෙන් ,
මෙම විමර්ශන දේශපාලන විරුද්ධවාදීන් ඉලක්ක කර ගනිමින් සිදු කරන බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රය තුළ විවාද පවතී.

කෙසේ වෙතත්, රාජපක්ෂ පවුලේ සාමාජිකයන් සම්බන්ධයෙන් පවතින විමර්ශනවල ඉදිරි ප්‍රගතිය, අධිකරණ ක්‍රියාමාර්ග සහ නීතිපති දෙපාර්තමේන්තුව ගන්නා තීරණ පිළිබඳව ඉදිරියේදී තවදුරටත් අවධානය යොමු වනු ඇත.

එහෙත්, විමර්ශනයකට ලක්වීම, අත්අඩංගුවට ගැනීම හෝ රක්ෂිත බන්ධනාගාරගත කිරීම යනු අදාළ පුද්ගලයා වරදකරු බවට අවසන් වශයෙන් තීරණය කිරීමක් නොවේ.
එම නිසා එක් එක් නඩුවේ චෝදනා, විත්ති පාර්ශ්වයේ ප්‍රතිචාර සහ අධිකරණ තීරණ වෙන් වෙන්ව සලකා බැලීම වැදගත් වේ.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.