ශ්‍රී ලංකා ව්‍යාපාරික නියෝජිතයින් 40ක් කැනඩාවේ සංචාරයකට

16 Oct 2026, 12:28 PM | News | Views: 18

Article Image
ශ්‍රී ලංකාවේ කැනේඩියානු වාණිජ මණ්ඩලය (CanCham SL) විසින් ව්‍යාපාරික නියෝජිතයින් 40 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් 2026 ඔක්තෝබර් 18 සිට නොවැම්බර් 1 දක්වා කැනඩාවේ සංචාරයකට එක් කිරීමට නියමිතය.

මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වන්නේ ශ්‍රී ලංකාව සහ කැනඩාව අතර ආයෝජන, වෙළෙඳාම සහ සංචාරක කර්මාන්තය ආශ්‍රිත සහයෝගීතාව ශක්තිමත් කිරීමයි.
මෙම ව්‍යාපාර ප්‍රවර්ධන සංචාරයේදී වැන්කුවර්, ටොරොන්ටෝ, ඔටාවා සහ මොන්ට්‍රියල් යන නගරවල සංචාරය කිරීමට සැලසුම් කර තිබේ.
ඊට වාණිජ මණ්ඩලයේ ආරම්භක අධ්‍යක්ෂවරුන් සහ කොළඹ වරාය නගරය (Colombo Port City), Home Lands Skyline Ltd ඇතුළු සාමාජික සමාගම්වල නියෝජිතයෝ එක් වෙති.

වාණිජ මණ්ඩලයේ ආරම්භක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ප්‍රියන්ත චන්ද්‍රසේකර මහතා සඳහන් කළේ, මෙම වැඩසටහන මඟින් ව්‍යාපාරිකයන්, ආයෝජකයන්, වෘත්තීය ජාල සහ ආයතන අතර සම්බන්ධතා ගොඩනැඟීමට අවස්ථාව සැලසෙන බවයි.
එමඟින් දෙරටේ ව්‍යාපාරිකයන්ට එකිනෙකා සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමටත්, වාණිජ සබඳතා පුළුල් කර ගැනීමටත් අවස්ථාව උදා වනු ඇතැයි ඔහු පෙන්වා දී තිබේ.
වැන්කුවර් නගරයේදී දේපළ වෙළෙඳාම, අධ්‍යාපනය, සංචාරක කර්මාන්තය, සෞඛ්‍ය සේවා, කෘෂිකාර්මික තාක්ෂණය, පරිසර හිතකාමී නිවාස සහ මූල්‍ය සේවා යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ටොරොන්ටෝ නගරයේදී ආයෝජන සහ වෙළෙඳ ක්ෂේත්‍රයට සම්බන්ධ පාර්ශ්ව සමඟ හමුවීම් පැවැත්වෙන අතර, ඔක්තෝබර් 27 වැනිදා මාධ්‍ය හමුවක් ද පැවැත්වීමට සැලසුම් කර ඇත.

ඔටාවා නගරයේදී ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සහයෝගය ඇතිව විභව ව්‍යාපාරික හවුල්කරුවන් හමුවීමට නියමිතය. එමෙන්ම එරට ව්‍යාපාරික ප්‍රජාවන් සහ වාණිජ මණ්ඩල සමඟ සාකච්ඡා පැවැත්වීමටත්, පාර්ලිමේන්තු සංචාරයක නිරත වීමටත් සැලසුම් කර තිබේ.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.