ලොව පළමු ‘ටෙස්ට් ටුවෙන්ටි’ ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකාව සූදානම්

16 Oct 2026, 4:22 PM | News | Views: 25

Article Image
නව ක්‍රිකට් තරග රටාවක් වන ‘ටෙස්ට් ටුවෙන්ටි’ (Test Twenty) තරගාවලියේ මංගල අදියර නොවැම්බර් 14 සිට 29 දක්වා කොළඹ සිංහල ක්‍රීඩා සමාජ (SSC) ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

මෙම තරගාවලිය සඳහා වයස අවුරුදු 13ත් 21ත් අතර තරුණ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 160 දෙනෙකු සහභාගී වන අතර, ඔවුන් මහද්වීප හතරක් නියෝජනය කරන කණ්ඩායම් හතරක් යටතේ තරග වදිනු ඇත.
එක් කණ්ඩායමකට පිරිමි ක්‍රීඩකයන් 20 දෙනෙකු සහ කාන්තා ක්‍රීඩිකාවන් 20 දෙනෙකු ඇතුළත් වන අතර, දෙපාර්ශ්වයම ලබාගන්නා ලකුණු එකතු කර සමස්ත ජයග්‍රාහකයා තීරණය කිරීම මෙම තරගාවලියේ විශේෂත්වයයි.

මහද්වීප පහකින් තරුණ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දහස් ගණනක් පසුගිය දින 300ක කාලය තුළ පැවති තෝරාගැනීමේ පරීක්ෂණ සඳහා සහභාගී වී තිබේ.
අවසන් ක්‍රීඩකයන් 160 දෙනා මෙම මාසය අවසානයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

හිටපු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන් වන ඒ.බී. ඩිවිලියර්ස්, මැතිව් හේඩන් සහ ශ්‍රීමත් ක්ලයිව් ලොයිඩ් තරගාවලියේ උපදේශක මණ්ඩලයට ඇතුළත් වෙති. ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාට් කෝලිගේ පුහුණුකරු ලෙස ප්‍රසිද්ධ රාජ්කුමාර් ෂර්මා ගෝලීය ක්‍රීඩක තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි.

තරගාවලියේ නිර්මාතෘ ගෞරව් බහිරවානි මහතා පවසන්නේ ශ්‍රී ලංකාවේ ශක්තිමත් පාසල් ක්‍රිකට් සංස්කෘතිය සහ ක්‍රීඩාව කෙරෙහි පවතින උනන්දුව හේතුවෙන් මංගල තරගාවලිය සඳහා මෙරට තෝරාගත් බවයි.
මෙම වැඩපිළිවෙළට සහාය ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සහ SSC පරිපාලනයට ද ඔහු ස්තුතිය පළ කර ඇත.
නොවැම්බර් 14 වැනිදා සමාරම්භක උත්සවය පැවැත්වීමට නියමිත අතර, අවසන් තරගය නොවැම්බර් 29 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබේ. නොවැම්බර් 30 වැනිදා අතිරේක දිනයක් ලෙස වෙන් කර ඇත.

තරග සියල්ල Sony Sports Network ඔස්සේ සජීවීව විකාශය කිරීමට සැලසුම් කර ඇති අතර, ජාත්‍යන්තර රූපවාහිනී විකාශන සහ අන්තර්ජාල ප්‍රවාහ සේවා ඔස්සේ ද තරග නැරඹීමට අවස්ථාව සලසා දීමට සංවිධායකයෝ බලාපොරොත්තු වෙති.
මෙම තරගාවලියේ හිමිකාරීත්වය Parity Sports India Private Limited සමාගම සතු වේ.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.