ශ්‍රී ලංකාවේ වරාය පද්ධති නවීකරණයට ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 17ක්

16 Oct 2026, 4:41 PM | News | Views: 22

Article Image
ශ්‍රී ලංකාවේ සමුද්‍රීය තනි කවුළු පද්ධතිය (Maritime Single Window) සහ වරාය ප්‍රජා පද්ධතිය (Port Community System) නවීකරණය කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 17ක ප්‍රදානයක් ලබාදීමට ප්‍රකාශ කර තිබේ.

මෙම අරමුදල් මඟින් ශ්‍රී ලංකාවේ වරාය කටයුතුවලට අදාළ ඩිජිටල් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමටත්, වරාය මෙහෙයුම් වඩාත් කාර්යක්ෂම කිරීමටත් අපේක්ෂා කෙරේ.
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති එරික් ස්ටර්න් මේයර් මහතා ඔක්තෝබර් 16 වැනිදා කොළඹ වරායේ සිදුකළ සංචාරයක් අතරතුර මෙම අරමුදල් පිළිබඳව නිවේදනය කර ඇත.

එම සංචාරයේදී ඔහු ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා සහ වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ඇතුළු නිලධාරීන් හමුවී සාකච්ඡා කර තිබේ.

යෝජිත නවීකරණ කටයුතු යටතේ වරාය බලධාරීන්, ශ්‍රී ලංකා රේගුව, නාවික ප්‍රවාහන සමාගම් සහ පර්යන්ත මෙහෙයුම්කරුවන් අතර තොරතුරු හුවමාරු කිරීමේ ක්‍රියාවලිය වැඩිදියුණු කිරීමට අපේක්ෂිතය.
එමෙන්ම වරාය ආශ්‍රිත ලේඛන කටයුතු අවම කිරීම, භාණ්ඩ නිෂ්කාශනය කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම සහ වරාය මෙහෙයුම් සඳහා ගතවන කාලය අඩු කිරීම ද මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු අතරට අයත් වේ.

මෙම ඩිජිටල් පද්ධති වැඩිදියුණු කිරීම හරහා ශ්‍රී ලංකාවේ වරාය සේවා වඩාත් කාර්යක්ෂම කිරීමත්, ජාත්‍යන්තර නාවික හා වෙළෙඳ කටයුතු සඳහා අවශ්‍ය තොරතුරු හුවමාරුව පහසු කිරීමත් අපේක්ෂා කෙරේ.
All content published on this website is provided for general informational purposes. We are committed to delivering accurate, timely, and well-researched news and information.

Opinions expressed in articles, commentaries, or contributed content are those of the respective authors and do not necessarily reflect the official position of this website.

By accessing and using this website, you agree to the terms of this disclaimer.

© aththa.com. All Rights Reserved.