ගෘහස්ථ ආදායම් සමීක්ෂණ වාර්තාව දෙසැම්බර් දක්වා කල් යයි
16 Oct 2026, 5:29 PM |
News |
Views: 19
ශ්රී ලංකාවේ 2025 වසරට අදාළ ගෘහස්ථ ආදායම් හා වියදම් සමීක්ෂණ වාර්තාව නිකුත් කිරීම මාස දෙකකින් කල් දමා තිබේ.
ඒ අනුව, 2026 ඔක්තෝබර් මාසයේ නිකුත් කිරීමට නියමිතව තිබූ වාර්තාව දෙසැම්බර් මාසයේදී නිකුත් කිරීමට නියමිතය.
දත්ත සැකසීමේ ප්රමාදයන්, පරිගණකගත කිරීමේ ගැටලු, කාර්ය මණ්ඩල පුරප්පාඩු සහ ආර්ථික සංගණනයට අදාළ කටයුතු මෙම ප්රමාදයට හේතු වී තිබේ.
මෙම සමීක්ෂණය සඳහා දිවයින පුරා ගෘහස්ථ ඒකක 25,000කින් මාස 12ක් පුරා දත්ත රැස් කර ඇති අතර, මේ වන විට දත්ත තහවුරු කිරීම හා විශ්ලේෂණය කිරීම සිදු කෙරෙමින් පවතී.
දරිද්රතාව, ආදායම් බෙදී යාම සහ ජීවන වියදම නිවැරදිව හඳුනා ගැනීම සඳහා මෙම වාර්තාව වැදගත් වේ.
එසේම, අස්වැසුම වැනි සුබසාධන වැඩසටහන් සඳහා ප්රතිලාභීන් තෝරා ගැනීමේදී පවුල්වල වර්තමාන ආදායම් හා වියදම් පිළිබඳ නිවැරදි දත්ත භාවිත කිරීමේ අවශ්යතාව ද පාර්ලිමේන්තු කාරක සභාවේදී අවධාරණය කර ඇත.